Social Icons

facebookrss feedemailtwitter

Friday, September 14, 2018

සංවර්ධන ව්‍යාපෘති සඳහා පෞද්ගලික අයෝජන එක්රැස් කර ගත යුතු බව අගමැති පවසයි

අනාගත සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය ආයෝජන ප්‍රමාණවත් නොවන නිසා පෞද්ගලික ආයෝජන ඒ සඳහා එක්රැස් කර ගැනීම අත්‍යාවශ්‍ය සාධකයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

ඒ පිළිබදව කලාපීය පොදු කථිකාවතක වැදගත්කම ආසියානු රටවල් අවබෝධ කර ගත යුතු බවයි, හෙතෙම කියා සිටියේ. අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ වියට්නාමයේ හැ නොයි නුවර ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ පැවැති ආසියාන් ලෝක ආර්ථක සමුළුවේ “පෞද්ගලික අංශයේ මූල්‍ය ධනය එක්රැස් කර ගැනීම මැයෙන්” 12 වැනි දින පැවති පූර්ව සැසි වාරයේදී අදහස් දක්වමිනි.

රාජ්‍ය, පෞද්ගලික හවුල්කාරී ව්‍යාපෘති සඳහා පෞද්ගලික අංශය දිරිමත් කරලීම උදෙසා නව අණ පනත් ගණනාවක් ශ්‍රී ලංකාව තුළ හදුන්වා දීමට කටයුතු කරන බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී සදහන් කළාය. මේ අතර හැනොයි නුවර ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ දී ආරම්භ කෙරුණු  සමුළුව සඳහා ආසියානු සංවිධානය නියෝජනය කරන රටවල නායකයෝ දස දෙනෙක් සහභාගි වූහ.