Social Icons

facebookrss feedemailtwitter

Sunday, September 16, 2018

වයඹ දිග සිරියාවේ 30, 000ක් සති නිවෙස් අතහැර පළායයි

සිරියා රජයේ හමුදා සහ සන්නද්ධ කණ්ඩායම් එල්ල කරන ප්‍රහාර හේතුවෙන් වයඹදිග සිරියාවේ තිස්දහසකට වැඩි පිරිසක් පසුගිය සති කිහිපයේ දී එම ප්‍රදේශ වලින් ඉවත්ව ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ගුවනින් මෙන්ම ගොඩබිමෙන් එල්ල කළ ප්‍රහාර හමුවේ ඉඞ්ලිබ් නගරයේ විශාල පිරිසක් මෙලෙස තම ගම්මාන හැරගොස් ඇති බව සඳහන්වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය ප්‍රකාශ කළේ සිරියා ජනාධිපති බසාර් අල් අසාද් සිරියාවේ අවසාන බලකොටුව අත්පත්කර ගැනීමට දැවැන්ත සැලසුමක් සිදුකරන බවයි. එම ගැටුම් හේතුවෙන් 21 වන සියවසයේ දී සිදුවිය හැකි අමානුෂීය ව්‍යවසනය මෙය බවට අනතුරු ඇඟවා ඇත.