Social Icons

facebookrss feedemailtwitter

Sunday, September 16, 2018

“මැන්කට්” සුළි සුළඟින් රටවල් රැසකට බලපෑම්

මේ වසරේ ප්‍රබලතම සුළි කුණාටුව “මැන්කට්” මේ වන විට පැයට කිලෝමීටර් 255ක වේගයකින් පිලිපීනය හරහා හමායයි.

මිලියන සංඛ්‍යාත පිරිසක් මේ නිසා අපහසුතාවට පත්ව ඇත. සුළි කුණාටුවෙන් නිවාස සහ ගොඩනැගිලිවලට හානි සිදුව ඇති අතර විදුලියද ඇණ හිට තිබේ. අධික වර්ෂාව සමඟ ජල ගැලීම් ද ඇතිවෙමින් පවතින බව සඳහන් වේ. “මැන්කට් චණ්ඩ මාරුතය” පිලිපීනය හරහා චීනය දෙසට ඇදෙනු ඇතැයි කාලගුණ අංශ විශ්වාස කරන අතර, හොංකොං දිවයිනට සහ උතුරුදිග වියට්නාමයට ද ප්‍රබල තර්ජනයක් වනු ඇතැයි අනාවැකි පළ කෙරේ.