Social Icons

facebookrss feedemailtwitter

Friday, September 14, 2018

රුසියාව දැවැන්ත යුද අභ්‍යාසයක

රුසියාව චීනය සමඟ එක්ව දැවැන්ත යුද අභ්‍යාසයක් ඇරඹීය. චීන සොල්දාදුවන්ගේ ද සහභාගීත්වයෙන් ආරම්භ වූ මෙම යුද අභ්‍යාසයට රුසියානු සොල්දාදුවන් දහස් ගණනකට වැඩි පිරිසක් සහභාගී වූහ.

“මහා පරිමාණ ගැටුමක්” සූදානම් වීමක් යැයි මෙම යුද අභ්‍යාසය විවේචනය කරමින් නේටෝ සංවිධානය නිවේදනය කර තිබිණි. “වොස්ටොක් 2018” යනුවෙන් මෙම යුද අභ්‍යාසය නම් කර තිබේ. සොල්දාදුවන් 300,000කට ආසන්න පිරිසක් සහභාගී වන මෙම යුද අභ්‍යාසයට යුද වාහන 36,000ක්, නැව් 80ක් යොදා ගැනීමට නියමිතය. ඊට අමතරව ගුවන් යානා, හෙලිකොප්ටර් සහ ඩ්‍රෝන යානා 1,000ක් ද ඊට යොදාගැනේ. යුද අභ්‍යාසවලට චීන සෙබළු 3,500කට ආසන්න පිරිසක් ද සහභාගි වී සිටිති.