Social Icons

facebookrss feedemailtwitter

Sunday, September 16, 2018

ඉතියෝපියා - එරිත්‍රියානුයානු දේශ සීමා විවෘත වේ

ඉතියෝපියා හා එරිත්‍රියානු යුද්ධ හේතුවෙන් 1998 මැයි මාසයේ දී වසා දැමුණු  දෙරටේ දේශ සීමාව වසර 20 කට පසුව  යළි විවෘත කිරීමට දෙරටේ රාජ්‍ය නායකයෝ එකඟතාවයකට පැමිණියහ.

ඒ අනුව මෙලෙස බලාත්මක වන්නේ 2018 ජූලි මාසයේ ඉතියෝපියානු අගමැති අබී අහමඞ් හා එරිත්‍රියානු ජනපති ඉසයියා ඇෆ්වෙර්කි අතර ඇති වූ සාම ගිවිසුමයි.

කිලෝ මීටර් 1000 කට අධික දුරකින් සමන්විත දෙරටේ දේශසීමා අතර පවතින අක්මාරා, සලම්බෙස්සා, අසාබ් හා බුර් යන  නගර ද මීට සමගාමීව නැවත විවෘත විය. එමෙන් ම වසර 20 ක යුධ තත්වය මුළුල්ලේ වෙන්ව සිටි පවුල් සිය ගණනක් එක්විය.