Social Icons

facebookrss feedemailtwitter

Sunday, September 16, 2018

වරාය නගරයේ සමුද්‍රික ඉදිකිරීම් ලබන වසරේ මැද අවසන්

කොළඹ වරාය නගරයේ සාමුද්‍රික ඉදිකිරීම් ලබන වසරේ මැද භාගය වනවිට අවසන් කිරීමට හැකිවන බව ඉදිකිරීම් භාරව කටයුතු සිදු කරන චයිනා හාබර් ඉංජිනියරින් සමාගම පවසයි.

එහි ප්‍රධාන විකුණුම් සහ අලෙවි නිලධාරි ලියම් තොව් මින් මේ බව ප්‍රකාශ කළේ ලංකා වානිජ මණ්ඩලය සංවිධාන කළ ආර්ථික සමුළුව අමතමිනි. වරාය නගරයට අදාළ මුහුද ගොඩ කිරීම් සියයට 90 ක් මේ වනවිට අවසන් වී ඇති අතර, දිය කඩනයේ ඉදිකිරීම් වලින් සියයට 70 ක් අවසන් බව ඔහු පවසයි. චයිනා හාබර් ඉංජිනියරින් සමාගම, චිනයේ මහා පරිමාණ ඉදිකිරීම් සමාගමක් වන චයිනා කොමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන් සමූහයේ අනුබද්ධ සමාගමකි. වරාය නගරයේ ඉදිකිරීම් අදියර දෙකකින් සිදුකෙරෙන අතර, එහි කොළඹ නගරයට ආසන්න නැගෙනහිර කොටස, මාර්ග, උද්‍යාන සහ උපයෝගිතා සම්බන්ධතා සහිතව 2020 වසර අවසානයේ සම්පූර්ණ කෙරෙනු ඇති.