Social Icons

facebookrss feedemailtwitter

Sunday, September 16, 2018

ලෝකය නැවත වරක් මූල්‍ය අර්බුදයක බව බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති පවසයි

ලෝකය නැවත වරක් මූල්‍ය අර්බුදයකට යමින් සිටින බවට බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ගෝඞ්න් බ්‍රවුන් අනතුරු ඇඟවීය.

මීට දශකයකට පෙර ඇති වූ මූල්‍ය අර්බුදය නිසා ඇති වූ අති විශාල මූල්‍ය කඩා වැටීම පාලනය කිරීමට ආණ්ඩු අසමත්වීම නිසා මෙසේ නැවත ගෝලීය මූල්‍ය අර්බුදයක් ඇතිවීමේ අවදානම හටගෙන ඇතැයි බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයා කීය. ඇමෙරිකා එක්සත් ජනපදයේ “ලීමන් බ්‍රදර්ස්” ආයෝජන බැංකුවේ කඩාවැටීමත් සමඟ ලොව මෙතෙක් සිදු වූ දරුණුම මූල්‍ය අර්බුදය ඇති වූ අතර එවකට බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයා වූයේ ගෝඞ්න් බ්‍රවුන්ය. එය “මහ අවපාතය” (ග්‍රේට් ඩිප්ප්‍රෙෂන්) යනුවෙන් හැඳින්විණි. අද වනවිට ලෝකයට නායකත්වයක් නැති බවත් ලෝකය අවදානම් සහගත කාලයකට එළැඹෙමින් තිබෙන බවත් බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයා සදහන් කරයි.