Social Icons

facebookrss feedemailtwitter

Friday, September 14, 2018

දකුණු කොරියාවත් ශ්‍රී ලංකාවත් අතර තාක්‍ෂණික අත්දැකීම් හුවමාරු වැඩපිළිවෙළක්

දකුණු කොරියාව සතු කර්මාන්ත හා ව්‍යාපාර අංශයේ තාක්‍ෂණික අත්දැකීම් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් සමග හුවමාරු කිරීමේ වැඩපිළිවෙළක් ඇරඹේ.

දකුණු කොරියානු විදේශ අමාත්‍ය කං ක්‍යුං වා  මහත්මිය හැනොයි නුවර දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකාව තුළ දකුණු කොරියාවේ කර්මාන්ත කලාපයක් පිහිටුවීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා එහිදී පෙන්වා දුන්නේ මෙවැනි කර්මාන්ත කලාපයක් ඔස්සේ දෙරටටම ප්‍රතිලාභ අත්පත් කර ගැනීමේ මාර්ගයන් ගණනාවක් විවෘත වන බවයි.

ඉන්දීය සාගර කලාපයීය සාමය හා නිදහස් නාවුක ගමනාගමනය සුරක්‍ෂිත කරලීම උදෙසා ශ්‍රී ලංකාව ගනු ලබන උත්සහය අගය කළ විදේශ අමාත්‍යවරිය සියළු ගැටළු සාකච්ඡාවෙන් හා සාමකාමීව විසදා ගැනීමේ මාවත හැමවිටම තමන් අනුගමනය කරන බව ද අවධාරණය කළාය. කොරියානු කලාපයීය සාමය ස්ථාවර කරලීම සම්බන්ධයෙන් ද එහිදී අදහස් හුවමාරු කර ගැනිණ.