Social Icons

facebookrss feedemailtwitter

Sunday, September 16, 2018

ඉන්දියාව මානව හිමිකම් මණ්ඩලයේදී චීනයටත් - පාකිස්ථානයටත් එරෙහිව හඩ නඟයි

“චීනයේ එක් තීරයක් - එක් මාවතක්” ව්‍යාපෘතියට අදාළව චීනය සහ පාකිස්තානය අතර ඉදිකෙරෙන ආර්ථික වේදිකාව සිය රටේ ස්වෛරීභාවට සහ භෞමික අඛණ්ඩතාවට තර්ජනයක් බව ඉන්දියාව සඳහන් කරයි.

ජිනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 39 වැනි සැසිවාරයට සහභාගීවෙමින් ඉන්දීය නියෝජිතයා මේ බව ප්‍රකාශ කළාය. භෞතික සම්බන්ධතාව වැඩි දියුණු කරලීම තුළින් සංවර්ධනය ලැබීම ජාත්‍යන්තර ප්‍රජාවේ අභිලාෂයකි. එය සිදුවිය යුත්තේ සමාන ආර්ථික සම්බන්ධතා සහ වාසිදායක පරිසරයක් සියල්ලන්ටම ඇති කරමින් බව ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේදී ඉන්දීය නියෝජිතයා සඳහන් කළේය.