ඇමරිකාවේ නීතිපතිධුරය දැරූ ජෙෆ් සෙසන්ස් එම ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
Saturday, November 10, 2018
ඉදිරි දෙවසර තුළ ඉන්දීය ආර්ථිකය අවධානම්
මේ වසරේ ඉන්දීය ආර්ථික වර්ධන වේගය සියයට 7.4ක් බවට තක්සේරු කෙරේ. මුල්‍ය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩි ආයතනය වාර්තාවක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.
අඩු කළ බස් ගාස්තු(09)සිට ක්‍රියාත්මකයි
9 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික බස් ගාස්තුව සියයට 02 කින් පහළ දමා තිබේ. පසුගියදා ඉන්ධන මිල අඩු කිරීමට නව රජය පියවර ගැනීමත් සමඟ බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්විණ.
අඛණ්ඩව අධාර දෙන බවට බ්‍රිතාන්‍යයෙන් සහතිකයක්
ශ්‍රී ලංකාවට අරමුදල් ලබාදීම අඛණ්ඩව සිදු කරන බව බ්‍රිතාන්‍ය රජය පවසයි. ආසියා ශාන්තිකර කටයුතු භාර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ රාජ්‍ය අමාත්‍ය මාර්ක් ෆීල්ඩ් මහතා මේ බව ප්‍රකාශ කළේය.
“සේනා” මර්දනය කෘෂිකර්ම අමාත්‍යාංශයේ මීළඟ අභියෝගයයි
දිස්ත්‍රික් කිහිපයක ආක්‍රමණශීලී දළඹු විශේෂයක් පැතිරේ. ඒ අනුව මෙම ආක්‍රමණශීලී දළඹු විශේෂය වන “සේනා” මර්දනය කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගනී.
පාර්ලිමේන්තුව විසුරුවයි - අභිනව පාර්ලිමේන්තුව ජනවාරි 17
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නිල ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය විසින් නිල වශයෙන් ඊයේ (09) රාත්‍රීයේ නිකුත් කෙරිණ.
Thursday, November 8, 2018
මධ්‍යවාර මැතිවරණය අවසන් - ට්‍රම්ප්ට දැනෙන පහරක් එල්ලවේ
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ට්‍රම්ප්ගේ පක්ෂයෙන් ගිලිහේ. ඒ අනුව, ඇමරිකානු පහළ මන්ත්‍රණ සභාවේ බහුතරය දිනාගැනීමට ඩිමොක්‍රොටික් පක්ෂය සමත්ව ඇත.
පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම්ගෙන් නිවේදනයක්
රටේ පවතින වත්මන් අර්බුදය විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුව කඩිනමින් රැස්වනු ඇතැයි, අපේක්ෂා කරන බව පොදු රාජ්‍ය මණ්ඩලය පවසයි.
Wednesday, November 7, 2018
අනතුරට පත් ඉන්දුනීසියානු ගුවන් යානයේ කාර්මික දෝෂයට හේතුව
පුද්ගලයන් 189 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය 29 වෙනි දින ඉන්දුනීසියාවේ සිදු වූ ගුවන් අනතුරට හේතුව කුමක්ද යන්න තවමත් අබිරහසකි.
මන්නාරම මිනී වලෙන් හමු වු සිරුර කොටස් ඇමෙරිකාවට
මන්නාරම ප්‍රදේශයෙන් හමුවූ සමූහ මිනී වළෙන් මිනිස් ඇට සැකිළි 232 ක් අද හමුවී තිබේ. මෙම සමූහ මිනීවල සොයා ගෙන ඇත්තේ, මන්නාරමේ පැරණි සතොස ගොඩනැඟිල්ල පිහිටි ස්ථානයේය.
වැඩිම ශතක ලාභී ක්‍රීඩකයා ලෙස රෝහිත් ශර්මා වාර්තා අතරට
පන්දුවාර 20යි 20 ක්‍රිකට් අංශයේ වැඩිම ශතක ලාභී ක්‍රීඩකයා ලෙස ඉන්දියාවේ රෝහිත් ශර්මා වාර්තා අතරට එක්වේ. ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේදී ය.
ගත වූ කාලය තුළ සරණාගතයින් 2000ක් මරුට
යුරෝපීය රටවල් වලට ඇතුළු වීම සඳහා මුහුදු මාර්ග ඔස්සේ ගමන් කළ සරණාගතයින් දෙදහසකට අධික පිරිසක් දියේ ගිලීමෙන් මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ ආයතනය පවසයි.
නවදිල්ලියේ නැවතත් අයහපත් කාළගුණ තත්වයක්
පවතින අයහපත් කාලගුණය සහ පිඳුරු දහනය කිරීමෙන් වායුගෝලයට එක්වන වායුන් හේතුවෙන් ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ වායු දූෂණය සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ.
ඉරාකයේ IS සංවිධානයට අයත්ව තිබූ ප්‍රදේශවලින් සමූහ මිනීවළවල් 200ක්
IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය යටතේ තිබී මුදාගනු ලැබූ ඉරාකයේ ප්‍රදේශ රැසක තිබී සමූහ මිනී වළවල් 200කට වැඩි ප්‍රමාණයක් හමුව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
රුපියල් බිලියන 10.97 ක බැඳුම්කර විදෙස් ආයෝජන ඉවතට
2018 ඔක්තෝබර් 23 වැනි දින සිට ඔක්තෝබර් 31 වැනි දින දක්වා කාලය තුළ දී රජයේ සුරැකුම්පත් ආයෝජන වල විදේශීය හිමිකාරීත්වය රුපියල් බිලියන 10.97 කින් පහළ ගොස් තිබේ.
කැමරූන් රාජ්‍යයේ පාසලක දරුවන් 79ක් පැහැර ගැනේ
කැමරූන් රාජ්‍යයේ වයඹ දිග බමෙන්ඩා හී පාසලක නේවාසිකාගාරයකින් දරුවන් 79 දෙනකු සහ තවත් තිදෙනකු පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වේ.
Subscribe to:
Posts (Atom)