Social Icons

facebookrss feedemailtwitter

Wednesday, November 7, 2018

අනතුරට පත් ඉන්දුනීසියානු ගුවන් යානයේ කාර්මික දෝෂයට හේතුව

පුද්ගලයන් 189 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය 29 වෙනි දින ඉන්දුනීසියාවේ සිදු වූ ගුවන් අනතුරට හේතුව කුමක්ද යන්න තවමත් අබිරහසකි.


එදින පෙරවරුවේ ඉන්දුනීසියාවේ ජකර්තා හි සුකර්නෝ හාතා ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් අහසට නැගුණු 'බොයිං 737 මැක්ස්'' වර්ගයට අයත් මෙම යානය එයට සුළු වේලාවකට පසුව අනතුරට පත්ව ඒ ආසන්න මුහුදට කඩා වැටිණි. බලධාරීන් මෙමෙම අනතුර පිළිබඳව සඳහන් කරන්නේ යානයේ පියාසර වේගය මනින උපකරණ සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් පැවැති බවයි. එමෙන්ම මෙම දෝෂය යානයේ අවසන් ගුවන් ගමන් වාර 4 දීම දක්නට ඇති බව ද පැවසේ.

වේගය මනින උපකරණවල තිබූ බව පැවසෙන මෙම දෝෂ සහගත තත්ත්වය නිසා ගුවන් නියමුවාට සිය යානයේ වේගය පිළිබඳව නිවැරදි දත්ත නොලැබී යාමෙන් අනතුර වන්නට ඇති බවට සැක කෙරේ.