Social Icons

facebookrss feedemailtwitter

Saturday, November 10, 2018

“සේනා” මර්දනය කෘෂිකර්ම අමාත්‍යාංශයේ මීළඟ අභියෝගයයි

දිස්ත්‍රික් කිහිපයක ආක්‍රමණශීලී දළඹු විශේෂයක් පැතිරේ. ඒ අනුව මෙම ආක්‍රමණශීලී දළඹු විශේෂය වන “සේනා” මර්දනය කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගනී.

මේ වනවිට අම්පාර ඇතුළු දිස්ත්‍රික්ක තුනකින් මෙම දළඹු විශේෂය වාර්තා වී තිබේ. “සේනා” දළඹු විශේෂය පිළිබඳ මුල්වරට හඳුනාගෙන ඇත්තේ, නයිජීරියාවෙනි. මීට මාස තුනකට පමණ පෙර ඉන්දියාවෙන් ද මේ සත්ව විශේෂය වාර්තා වී තිබේ. නොසන්සිදෙන කුසගින්නකින් පෙළෙන මෙම දළඹු විශේෂයට එක්රැයක් තුළ අක්කර දහසක වගාවන් විනාශ කළ හැකි බව පර්යේෂණ මඟින් අනාවරණය වී ඇත. එක් දළඹුවෙක් එක් වරකට බිත්තර 200ක් දමන බව සොයාගෙන තිබේ.