Social Icons

facebookrss feedemailtwitter

Saturday, November 10, 2018

අඩු කළ බස් ගාස්තු(09)සිට ක්‍රියාත්මකයි

9 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික බස් ගාස්තුව සියයට 02 කින් පහළ දමා තිබේ. පසුගියදා ඉන්ධන මිල අඩු කිරීමට නව රජය පියවර ගැනීමත් සමඟ බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්විණ.

ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ පැවති මෙම සාකච්ඡාවට එහි සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියේය. මෙම සාකච්ඡාවට බස් සංගම් නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් එක්ව සිටි අතර, එහිදී බස් ගාස්තු සියයට 02 කින් පහත දැමීමට එකඟතාව පළවිය. කෙසේවෙතත් අවම බස් ගාස්තුවේ වෙනසක් සිදු නොවන බව ද පැවසේ. මේ අතර 08 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ගමනා ගමන මණ්ඩලය ද බස්ගාස්තු සියයට 2 කින් අඩු කර තිබේ. ‍