Social Icons

facebookrss feedemailtwitter

Saturday, November 10, 2018

ඉදිරි දෙවසර තුළ ඉන්දීය ආර්ථිකය අවධානම්

මේ වසරේ ඉන්දීය ආර්ථික වර්ධන වේගය සියයට 7.4ක් බවට තක්සේරු කෙරේ. මුල්‍ය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩි ආයතනය වාර්තාවක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.

එහෙත් පොළී අනුපාතය ඉහළයාමත් සමඟ ණය පිරිවැය වියදම වර්ධනය වීම හේතුවෙන් 2019 හා 2020 වසරවල දී එම වේගය සියයට 7.3කට ළඟා වනු ඇති බවට එම වාර්තාව තක්සේරු කර තිබේ. මුල්‍ය ක්ෂේත්‍රයේ පවතින අවදානම ඉදිරියේදී ඉන්දීය ආර්ථිකයට මුහුණදීමට සිදුවන විශාලතම පසුබෑමේ තත්වයක් බව මූඩි ආයතනය ප්‍රකාශ කරයි.

මුල්‍ය කාර්මාන්තයේ ස්ථාවරභාවය සඳහා ඉන්දියාව විවිධ පියවර ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ණය සංවර්ධනය වේගය කෙටි කාලීනව අඩුවිය හැකිය. එහෙත් බැංකු නොවන මුල්‍ය ආයතන තුළ මුදල් සංසරණ අවධමනය පිළිබඳ අවදානම දිගු කාලීනව පවතින බැවින්, ඉන්දියාවට ණය සැපයීමේ ප්‍රමාණය විශාල වශයෙන් අඩුවිය හැකි බව, මූඩි ආයතනය පෙන්වා දේ. ඊට අමතරව ජාත්‍යන්තර තෙල් මිල ඉහළයාම, ඉන්දීය මුදල් අවප්‍රමාණ වීම, ගෘහස්ථ පාරිභෝජනය වැඩිවීම යන හේතු නිසා ඉදිරි දෙවසර තුළ ඉන්දීය ආර්ථික වර්ධනයට බලපෑම් සිදුවිය හැකි බව මූඩි ආයතනය සඳහන් කර තිබේ.