Social Icons

facebookrss feedemailtwitter

Thursday, November 8, 2018

දකුණු මුහුදු තීරයේ කොරල්පර නැවත වගා කිරීමට පියවර

දකුණු මුහුදු තීරයේ කොරල්පර නැවත වගා කිරීමේ ව්‍යාපෘතියට නාවික හමුදා දායකත්වය ලබා ගැනේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ආකර්ශනය අතින් ඉහළ වටිනාකමක් සහිත රූමස්සල අවට මුහුදු තීරයේ කොරල්පර නැවත වගා කිරීමේ ව්‍යාපෘතිය පසුගියදා ආරම්භ කෙරිණ. මොරටුව විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කේෂ්ත්‍රයේ දැනුම හා සිසුන්ගේ සහභාගීත්වයත්, පෞද්ගලික සමාගමක මූල්‍ය දායකත්වයත් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ. නාවික හමුදා කිමිදුම් අංශය මඟින් මේ සඳහා අවශ්‍ය කිමිදුම් සහය ලබා දෙන අතර, දකුණු නාවික විධානට අනුයුක්ත කිමිදුම් හා ගලවා ගැනීමේ ඒකකය ව්‍යාපෘතියට සක්‍රීය දායකත්වය ලබා දී ඇත.