Social Icons

facebookrss feedemailtwitter

Thursday, November 8, 2018

පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම්ගෙන් නිවේදනයක්

රටේ පවතින වත්මන් අර්බුදය විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුව කඩිනමින් රැස්වනු ඇතැයි, අපේක්ෂා කරන බව පොදු රාජ්‍ය මණ්ඩලය පවසයි.

ලබන 14 වැනි දින පාර්ලිමේන්තුව නැවත කැඳවීම සඳහා ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට ප්‍රතිචාර දක්වමින් පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම්, පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය නිවේදනයක් මඟින් මේ බව සඳහන් කළේය. අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, රටේ ව්‍යවස්ථාව සහ නීතියේ ආධිපත්‍ය සුරැකීම උදෙසා දේශපාලන නායකයින් හා ජනතාව අතර කථිකාව දිරිගැන්විය යුතු බවයි. ශ්‍රී ලංකා රජයට හා ජනතාවට අවශ්‍ය නම් සහය වීමට පොදු රාජ්‍ය මණ්ඩලය හා අනෙකුත් ජාතයන්තර හවුල්කරුවන් සුදානම් බව ද, පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සිය නිවේදනයේ සඳහන් කර තිබේ.