Social Icons

facebookrss feedemailtwitter

Saturday, November 10, 2018

අඛණ්ඩව අධාර දෙන බවට බ්‍රිතාන්‍යයෙන් සහතිකයක්

ශ්‍රී ලංකාවට අරමුදල් ලබාදීම අඛණ්ඩව සිදු කරන බව බ්‍රිතාන්‍ය රජය පවසයි. ආසියා ශාන්තිකර කටයුතු භාර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ රාජ්‍ය අමාත්‍ය මාර්ක් ෆීල්ඩ් මහතා මේ බව ප්‍රකාශ කළේය.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු පිළිබද අමාත්‍යවරයා වන එමිලි තෝන්බරී මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකාවට පවුම් මිලියන 7.9ක අරමුදල් ලබාදීමට කටයුතු කරන බව ඔහු සදහන් කර ඇත. විශේෂයෙන් 2016, 2019 යන කාලසීමාව තුළ මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තත්වය සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ.