Social Icons

facebookrss feedemailtwitter

Wednesday, November 7, 2018

මන්නාරම මිනී වලෙන් හමු වු සිරුර කොටස් ඇමෙරිකාවට

මන්නාරම ප්‍රදේශයෙන් හමුවූ සමූහ මිනී වළෙන් මිනිස් ඇට සැකිළි 232 ක් අද හමුවී තිබේ. මෙම සමූහ මිනීවල සොයා ගෙන ඇත්තේ, මන්නාරමේ පැරණි සතොස ගොඩනැඟිල්ල පිහිටි ස්ථානයේය.


එම ඇට සැකිළි වැඩිදුර පරීක්ෂණ සඳහා ඇමරිකාවට යැවීමට කටයුතු කරන බව කැනීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා සඳහන් කරයි. ඒ කාල නිර්ණය කිරීම සඳහාය. දින 102 ක් මෙහි කැනීම් කටයුතු සිදු කර තිබේ. ගොඩගත් සිරුරු 232න් සම්පූර්ණ සිරුරු කොටස් 224 කට අදාළ සිරුරු අස්ථි ‍මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියක තැන්පත් කර ඇත.

මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය.