Social Icons

facebookrss feedemailtwitter

Saturday, November 10, 2018

පාර්ලිමේන්තුව විසුරුවයි - අභිනව පාර්ලිමේන්තුව ජනවාරි 17

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නිල ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය විසින් නිල වශයෙන් ඊයේ (09) රාත්‍රීයේ නිකුත් කෙරිණ.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් තෝරාපත් ගැනීම 2019 වසරේ ජනවාරි 05 දින පැවැත්වීමට නියම කර ඇති බව, එම ගැසට් නිවේදනයේ දැක්වේ. නාම යෝජනා කාල සීමාව 2018 නොවැම්බර් 19 වැනි දින ආරම්භ වී නොවැම්බර් මස 26 වැනි දින දහවල් 12.00 දක්වා නියම කර ඇත. අභිනව පාර්ලිමේන්තුව 2019 ජනවාරි 17 වැනි දින යළි කැඳවන බව නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.