Social Icons

facebookrss feedemailtwitter

Saturday, November 10, 2018

තෙල් නැව් දෙකක් ගැටී පුද්ගලයින් 8කට තුවාල

නෝර්වේ රාජ්‍යයේ බටහිර මුහුදු තීරයේදී නෞකා දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබයි.

නෝර්වේ රාජ්‍යයේ බටහිර මුහුදු ප්‍රදේශයේදී තෙල් ප්‍රවාහන නෞකාවක් සහ නාවික හමුදාවට අයත් ආරක්ෂක යාත්‍රාවක් එකිනෙක ගැටී තිබේ. මේ සමඟ අදාළ නෞකා දෙකේ සිටි කාර්යමණ්ඩල සාමාජිකයින් 137 දෙනා මුදාගැනීමට බලධාරීන් පියවර ගත්තේය. අනතුර හේතුවෙන් උතුරු මුහුදේ ඛනිජ තෙල් අපනයන පර්යන්තය වසා දැමීමට සිදුව තිබේ. කෙසේ නමුත් ඉන් සාගරයට තෙල් කාන්දුවීමක් සිදුව ඇති බවට මෙතෙක් තොරතුරු වාර්තාවී නොමැත.