Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 16, 2018

විදුලිය නැති 47,555 කට සමෘද්ධි සමඟ ඉන්ධන සහනාධාර

47,555 ක් පමණ වන විදුලිය නොමැති නිවාස හිමියන්හට ‍ලබා දෙන ඉන්ධන සහනාධාර මුදල ඔවුන්ගේ සමෘද්ධි මුදල් සමඟ ගෙවන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

රු. 44 ක්ව පැවැති භූමිතෙල් ලීටරයක මිල රු. 57 කින් වැඩිකරන ලද නමුත්, එම ජනතාවට භූමිතෙල් තවදුරටත් රු. 44 බැගින් ලබා ගැනීමට හැකිවන පරිදි ලීටරයකට රු. 57 බැගින් සහනාධාර, එම ප්‍රතිලාභීන්ට මුදල් වශයෙන් ලබා දීමට මහා භාණ්ඩාගාරය විසින් තීරණය කර ඇත.

පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල මැයි 10 වැනි දින වැඩි කිරීමෙන් අනතුරුව එදින සිට ක්‍රියාත්මක වන පරිදි එක්දින බෝට්ටු භාවිත කරන ධීවරයින් හා විදුලිය නොමැති නිවෙස් හිමියන්ට ද භූමිතෙල් සඳහා පමණක් සහනාධාර ලබාදීමට ආණ්ඩුව විසින් ගනු ලැබූ තීරණයට අනුව, ඒ සඳහා වන මුදල් ජූනි මස සිට ප්‍රතිලාභීන්ට ඍජුවම ලබාදෙනු ලැබේ.

පිටත එන්ජින් සවිකරන ලද එක්දින බෝට්ටු හිමි ධීවරයන් 24,282 දෙනෙකු දිවයින පුරා සිටින බවට ගණන් බලා ඇති අතර, ධීවර අමාත්‍යාංශය විසින් එම ධීවරයන් සමඟ සාකච්ඡා කර එකඟ වන ක්‍රමවේදයකට අනුව එම සහනාධාර අදාළ පුද්ගලයන් වෙත මුදල් වශයෙන් ඍජුව නිකුත් කිරීමට කටයුතු කරනු ඇත.