Social Icons

facebookrss feedemailtwitter

Saturday, June 9, 2018

චීන - රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, විදේශ අමාත්‍ය වාං යී මහතා BRICS රටවල විදේශ ඇමති සමුළුවට එක් වෙමින් රුසියානු විදේශ ඇමති Sergei Lavrov මහතා හමු වී තිබේ.

Friday, June 8, 2018

ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා යුරෝපයේ සංචාරයක

ඉරානයේ න්‍යෂ්ටික සැලැස්ම තහනම් කිරීමේ අරමුණෙන් ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා යුරෝපයේ නිල සංචාරයක් අරඹයි.

නීති විරෝධීව විදේශ රැකියා සඳහා පිටත්ව යන්නන්ට එරෙහිව දැඩි පියවර

නීති විරෝධී ලෙස පුද්ගලයින් විදේශ රැකියා සඳහා පිටත්ව යාමට එරෙහිව දැඩි පියවර ගන්නා බව විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

ඇමරිකා - උතුරු කොරියා නායක සමුළුවට දින නියම වේ

සැලසුම් කළ පරිදි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ලබන 12 වැනි දින උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් මහතා හමුවන බව ධවල මන්දිරය පවසයි.

උතුරු කොරියා‍වේ න්‍යෂ්ටික සංවර්ධන සැලැස්ම නිරීක්ෂණයට සූදානම් - ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය

අවසර ලබා දෙන්නේ නම් නිරීක්ෂණ කටයුතු සති කිහිපයක් තුළ ආරම්භ කළ හැකි බව එහි අධ්‍යක්ෂ ජනරල් Yukiya Amano මහතා ප්‍රකාශ කළේය.

බ්‍රික්ස් රටවල විදේශ අමාත්‍ය හමුව දකුණු අප්‍රිකාවේදී

චීන විදේශ අමාත්‍යවරයා බ්‍රික්ස් රටවල විදේශ අමාත්‍යවරුන්ගේ නිල හමුවට එක් වේ. දකුණු අප්‍රිකා විදේශ අමාත්‍ය Lindiwe Sisulu මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම හමුව 4 වැනි දින දකුණු අප්‍රිකාවේදී පැවැත්විණ.

ෂංහයි සහයෝගිතා සංවිධානය

ආරම්භක සාමාජික රටවල් 6 කින් බිහිවී අද වන විට රටවල් 18කින් සමන්විත මහ පවුලක් බවට පත්ව ඇත.

ආමාශයෙන් කිලෝ 8 ක ප්ලාස්ටික් බෑග්

තායිලන්තයේ දකුණු දිග සොන්ග්ලා පළාතේ ඇළ මාර්ගයකදී මියගිය තල්මසකුගේ ආමාශයේ තිබී ප්ලාස්ටික් බෑග් 80ක් හමුවූ බව තායි නාවුක බලධාරීහු පවසති. මෙම ප්ලාස්ටික් තොගයේ බර කිලෝග්‍රෑම් අටක් පමණ වේ.

Thursday, June 7, 2018

අධි අවදානම් කලාපවල නිවාස 6000කට අයත් පවුල් නැවත පදිංචි කිරීම ඇරඹෙයි.

නායයාමේ අධි අවදානම් කලාපවල නිවාස 6000කට අයත් පවුල් නැවත පදිංචි කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් ඉහළට

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් මේ වසරේ මාර්තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 678 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

ග්වාතමාලාවේ පියුගෝ ගිනිකන්ද පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

ග්වාතමාලාවේ පියුගෝ ගිනිකන්ද විදාරණය වීමෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 25 දක්වා ඉහළ ගොස් තිබේ.

ෆේස්බුක් පරිශීලක තොරතුරු සමාගම් 60කට

2004 වසරේදී මාක් සකර්බර්ග් විසින් ආරම්භ කළ ලොව වැඩිම පරිශීලක සංඛ්‍යාවක් සිටින සමාජ මාධ්‍යය වන ෆේස්බුක් හි පරිශීලකයන්ගේ තොරතුරු සමාගම් 60කට පමණ ලබාදී ඇති බව හෙළි වී තිබේ.

බදු විරෝධතා නිසා, ජෝර්දාන අගමැති ඉල්ලා අස්වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුකූලව පැනවූ බදුවලට එරෙහිව පැණ නැගුණු විරෝධතා හමුවේ ජෝර්දාන අගමැති හනි මුල්කි අද ඉල්ලා අස්වුණා.

කිම් ජොං අන් හමුදා නායකත්වය වෙනස් කරයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැත්වීමට නියමිත සමුළුවට පෙර උතුරු කොරියානු නායක කිම් ජොං අන්, සිය හමුදා නායකත්වය වෙනස් කර ඇති බව වාර්තා වේ.

ලිතියම් බැටරියේ නව පරිච්ඡේදය

ලිතියම් බැටරිය නූතන මානව සමාජයේ ඉතා වැදගත් නිපැයුමක් ලෙස හඳුන්වා දිය හැකිය.

Tuesday, June 5, 2018

ඉතාලි රජයෙන් රතු නිවේදනයක්

ඉතාලියේ දැනට රැදී සිටින අනවසර සංක්‍රමණිකයින්ට සහ අනවසර ලෙස ඉතාලියට ඇතුළු වීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් බව ඉතාලියේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය මත්තේයෝ සැල්විනි මහතා අවධාරණය කරයි.

රාජ්‍ය ආදායම සියයට 8 කින් ඉහළට‍

මෙරට රාජ්‍ය ආදායම් පසුගිය මාර්තු මාසයේදී රුපියල් බිලියන 469.1 ක් ලෙස සියයට 8 කින් වර්ධනය වී ඇත. කෙසේ නමුත් මෙහිදී බදු ආදායම් වර්ධනය වී ඇත්තේ සියයට 2 කින් පමණි.

රොහින්ග්‍යා සරණාගතයින් භාරගැනීමට මියන්මාරය සූදානම්

පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට රඛීනේ ප්‍රාන්තයේ පැවති ගැටුම් හේතුවෙන් බංග්ලාදේශයට පලාගිය හත්ලක්ෂයක් පමණ වන රොහින්ග්‍යා මුස්ලිම් සරණාගතයින් සියලුදෙනා භාරගැනීමට තම රට සූදානම් බව, මියන්මාරය ප්‍රකාශ කරයි.

දකුණු සහ බටහිර ආසියා රටවල් 14ක් එක්ව නව පාපන්දු සම්මේලනයක් පිහිටුවයි

ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියා හා බටහිර ආසියා පාපන්දු ක්‍රීඩා කරන රටවල් 14ක් රැස්වී “දකුණු - බටහිර ආසියා පාපන්දු සම්මේලනය” නමින් (SWAFF) නව කලාපීය පාපන්දු සම්මේලනයක් පිහිටුවා ගනියි.

Monday, June 4, 2018

චීනයේ නවතම චන්ද්‍රිකාව Gaofen - 6

චීනයේ Gaofen - 6 චන්ද්‍රිකාව සාර්ථකව ගුවන්ගත කෙරේ. එය චීනයේ චියුචුවාන් චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයේදී සිට ලොංමාර්ච් අංක 2C ප්‍රවාහන රොකට්ටුව මගින් ගුවන්ගත කෙරිණ.

Abdel Fattah ඊජිප්තුවේ ජනාධිපතිවරයා ලෙස නැවතත් පත් කෙරේ

Abdel Fattah El-Sisi මහතා ඊජිප්තුවේ නව ජනාධිපතිවරයා ලෙස පත් කෙරේ. පසුගිය 02 වැනි දා ඊජිප්තු පාර්ලිමේන්තුවේදී ඔහු දියුරුම් දුන්නේ සිය දෙවැනි ජනාධිපති ධූර කාලය සඳහායි.

විදේශ සංචිත ඉහළට

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසයි. රජය සතු නිළ විදේශ සංචිත ප්‍රමාණය මාර්තු මාසය අවසානයේදී ඇමරිකානු ඩොලර් බිලියන 7.3 දක්වා ඉහළ ගොස් තිබේ.

ඇමරිකානු හමුදා සිරියාවෙන් ඉවත් විය යුතුයි

ඇමරිකානු හමුදාව සිරියාවේ al - Tanf ප්‍රදේශයෙන් ඉවත් විය යුතු බව සිරියානු විදේශ අමාත්‍ය Walid Muallem මහතා ප්‍රකාශ කරයි.

කියුබාවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇරඹේ

ජනාධිපතිවරයාගේ ධුර කාලය සීමා කිරීම, සමලිංගික විවාහ නීතිගත කිරීම ඇතුලූ ව්‍යවස්ථා සංශෝධන කියුබානු ජාතික සභාව වෙත දැන් ඉදිරිපත් කර තිබේ.

ප්ලූටෝ ග්‍රහයා මත මීතේන් අයිස් කඳු

සූර්යග්‍රහ මණ්ඩලයේ දුරස්ථවම පිහිටි ග්‍රහලෝකය වන ප්ලූටෝ ග්‍රහයා මත ඝණීකරණය වූ මීතේන් අයිස් කඳු පවතින බවට සාක්ෂි ඇතැයි විද්‍යාඥයන් පිරිසක් පෙන්වා දෙනවා.

ඇමරිකාව සහ යුරෝපය අතර වෙළඳ යුද්ධයක්

යුරෝපා සංගමය, කැනඩාව සහ මෙක්සිකෝවෙන් ආනයනය කරන ලද වානේ සහ ඇලූමිනියම් සදහා ට්‍රම්ප් පරිපාලනය විසින් පනවා ඇති විශාල බදු අද සිට ක්‍රියාත්මක වීමත් සමග නව වෙළද යුද්ධයක් පැන නැගී තිබෙනවා.

1 වසරට සිසුන් ගැනීමේ චක්‍ර‍ලේඛය නිකුත්වේ

ලබන වසරේ රජයේ පාසල්වලට පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍ර ‍ලේඛය අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇත.

බැඳුම්කර අක්‍රමිකතා සෙවීමට ජාත්‍යන්තර විගණන සමාගමක්

මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුවී ඇතැයි කියනු ලබන අක්‍රමිකතා සෙවීම සඳහා වෝහාරික විගණනයක් පැවැත්වීම සඳහා ජාත්‍යන්තර විගණන සමාගමක සේවය ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

උපාධිධාරීන්ට සැප්තැම්බර් මාසයට පෙර රැකියා

රැකියා විරහිත උපාධිධාරීන් 20,000ක් මෙම වසරේ සැප්තැම්බර් මාසයට පෙර රැකියා පුහුණුව සඳහා බඳවා ගැනීමටත් පුහුණු කාලය තුළ ඔවුන් සඳහා මාසිකව රුපියල් 20,000ක දීමනාවක් ලබාදීමටත් කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

යකඩ සහ වානේ සඳහා ඇමරිකාව ඉහළ තීරු බඳු අය කරයි

යුරෝපා සංගමයෙන් ආනයනය කරන වානේ හා යකඩ නිෂ්පාදන සඳහා ඇමරිකාව ඉහළ තීරු බදු අය කරයි.

ශ්‍රී ලංකාවේ ගැඹුරු මුහුදේ ගවේෂණයට දත්ත රුස් කෙරේ

ස්වභාවික වායු සහ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කෙරේ.

පැපුවානිව්ගිනියාවේ ෆේස්බුක් තහනම්

ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය මසක කාලයක් රට තුළ තහනම් කිරීමට පැපුවානිව්ගිනියා රාජ්‍යය තීරණය කර ඇත.

දුම්වැටි භාවිතය පාලනය ස්වයං සිදුකළ යුත්තක්

ශ්‍රී ලංකාවේ දුම්වැටි භාවිතය නිසා ඇතිවන රෝගාබාධ හේතුවෙන් වසරකට 15,000 කට වැඩි පිරිසක් මියයයි.

Saturday, June 2, 2018

ජුලි මස සිට වයස අවුරුදු 10 සම්පූර්ණ වූ ගැහැණු ළමයිට නව එන්නතක්

ගැබ් ගෙල පිළිකා වැලැක්වීමේ අරමුණින් වයස අවුරුදු 10 සම්පූර්ණ වූ දැරියන් සඳහා නව එන්නතක් හඳුන්වාදීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ලංගමය කෝටි 200ක් ලාභ ලබයි

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය 2017 වසරේ දී කෝටි 200ක ලාභයක් උපයා ඇත.

ජපාන ඇමරිකා සාකච්ඡා ජූනි මස 07

ජපාන සහ ඇමරිකානු නායකයින් ජූනි මස 7 වැනි දින ධවල මන්දිරයේ දී හමු වීමට නියමිතයි. ඇමරිකානු ධවල මන්දිර ප්‍රකාශක Sarah Sanders මහත්මිය පසුගිය 29 වැනි දින මේ බව ප්‍රකාශ කළේය.

යුද විරාමයකට සූදානම් - ඉන්දු පකිස්ථාන හමුදා නිළධාරීන්

“Kashmir යුද විරාමය ගිවිසුම” ක්‍රියාවට නැංවීමට ඉන්දියාව සහ පාකිස්ථානය එකඟ වේ.

බදු පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කළ බදු පනත් සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිවේ.

සාම සාධක කටයුතු වලදී ද චීනය ලෝකය හමුවේ ඉදිරියෙන් සිටී

එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු වෙනුවෙන් චීනය ප්රමුඛ දායකත්වයක් ලබා දේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක කටයුතු ආරම්භ කිරීමේ 70 වැනි සංවත්සරය 29 වැනි දිනට යෙදී තිබේ.

ලොව බහලු මෙහෙයුම් වරාය අතර දෙවන ඉහළම වර්ධනය කොළඹ වරායෙන්

ලෝකයේ බහලූ මෙහෙයුම් වරායයන් අතර දෙවන ඉහළම වර්ධන අනුපාතය කොළඹ වරාය හිමිකර‍ගනී.

නව ශ්‍රී ලංකා සිතියම එළිදකී

කොටස් ‌92 කින් සමන්විත නව ශ්‍රී ලංකා සිතියම නිල වශයෙන් එළිදැක්වේ. මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් 1 - 50,000 ට අනුව සකස් කරන ලද නව ශ්‍රී ලංකා සිතියමේ කොළඹ වරාය නගරය සහ මෙරට ඉදි කරන ලද මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ සියලු තොරතුරු ඇතුලත් කර තිබේ.

නීති විරෝධීව ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 104කට එරෙහිව නීතිමය පියවර ගැනේ.

රැකියා සදහා ඊශ්‍රායලට පිටත්ව ගොස් මේ වන විට වීසා කාලය අවසන්වී නීති විරෝධීව එරට රැදී සිටින ශ්‍රමිකයින් එකසිය හතර දෙනෙක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇතැයි විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

“නිපා” නිසා මිය ගිය සංක්‍යාව 14 දක්වා ඉහළට

“නිපා” වෛරසයෙන් කේරළ ප්‍රාන්තයේ මිය ගිය ගණන 14 ක් බව ඉන්දීය සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.

ගාසා තීරයේ දරුණු ගැටුම්

ගසා තීරයේ සන්නද්ධ ඉලක්ක 35 කට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කර තිබේ. හමාස් සංවිධානය සහ ඔවුන්ගේ මිත්‍ර පාර්ශව එල්ල කරන ලද රොකට් සහ මෝටර් ප්‍රහාර වලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය මෙලෙස ප්‍රහාර එල්ල කර ඇති බව පැවසේ.

ශ්‍රී ලංකාව මානව හිමිකම් කොමිසමේ A - වර්ගීකරණයට

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම (A) වර්ගීකරණයට ලක්වේ. කොමිසම විසින් ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් ආරක්ෂා කිරීමටත්, ඒවා වර්ධනය කිරීමටත් ගත් උත්සාහය අගය කරමින් ගෝලීය මානව හිමිකම් සංවිධාන එකමුතුව විසින් මේ වර්ගීකරණය ලබා දී ඇත.

ඩෙංගු රෝගීන්ගේ සියයට 70 ක අඩුවීමක්

පසුගිය වසර කිහිපය හා සැසදීමේදී ඩෙංගු රෝගීන්ගේ අඩුවක් මේ ව‍සරේ දක්නට ලැබෙන බව වාර්තා වේ.

උතුරු කොරියානු නියෝජිතයෙක් ඇමරිකාවට

උතුරු කොරියානු නායක කිම් ජොං අන්ගේ පාලනයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු වන ජනරාල් කිම් ජොං චොල්, ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.

වීනස්ගේ පරාජයෙන් පැරීසිය සංවේගයට

චීනයේ වොං කියැං හමුවේ ලකුණු 6 - 4 ක් සහ 7 - 5ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන් වසර 17 කට පසුව පළමු වතාවට ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියෙන් ඉවත්ව වේලාසනින්ම ගෙදර යාමට අමරිකාවේ වීනස් විලියම්ස්ට සිදුවිය.

ට්‍රම්ප් - කිම් ජොන්ග් හමුවට දකුණු කොරියා ජනපති මූන් ජේ ඉන් එන ලකුණු

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන් අතර ජූනි 12 වැනිදා සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත හමුවට දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් ද සහභාගී වීමට ඉඩ ඇතැයි දකුණු බලධාරීහු 29 වැනි දින ප්‍රකාශ කළහ.

චීන අජටාකාශ මධ්යස්ථාන හා එක්ව කටයුතු කිරීමට ලොව අන් රට වලට ඇරයුම් කෙරේ

චීනයේ අජටාකාශ මධ්‍යස්ථාන පිළිබඳ සහයෝගීතාවට එක්වන ලෙස චීනය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ලොව අනෙකුත් රටවලට ආරාධනා කරයි.