Social Icons

facebookrss feedemailtwitter

Saturday, June 2, 2018

චීන අජටාකාශ මධ්යස්ථාන හා එක්ව කටයුතු කිරීමට ලොව අන් රට වලට ඇරයුම් කෙරේ

චීනයේ අජටාකාශ මධ්‍යස්ථාන පිළිබඳ සහයෝගීතාවට එක්වන ලෙස චීනය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ලොව අනෙකුත් රටවලට ආරාධනා කරයි.

චීනයේ අජටාකාශ මධ්‍යස්ථාන පිළිබඳ අන්තර්ජාතික සහයෝගීතා අවස්ථා ප්‍රකාශනය නිකුත් කිරීමේ උත්සවය 28 වැනි දින වියානා හී දී පැවැත්විණ. එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ සෙසු ජාත්‍යාන්තර සංවිධානවල චීන නියෝජිත කණ්ඩායම් මෙන්ම එක්සත් ජාතීන්ගේ අජටාකාශ කටයුතු පිළිබඳ කාර්යාලය එක්ව සංවිධාන කර තිබිණ.

චීනයේ අජටාකාශ මධ්‍යස්ථාන සමඟ අන්තර්ජාතික සහයෝගීතා ආරම්භ කළ බව ඉන් සංකේතවත් වේ. ඉදිරියේදී චීනයේ අජටාකාශ මධ්‍යස්ථාන භාවිත කරමින් පවතින අකෘති තුළ හෝ බාහිර අත්හදා බැලීම් සිදු කිරීමට විවිධ රටවල් තුළ ඇති කැමැත්ත එමඟින් අවධාරණය කෙරේ.