Social Icons

facebookrss feedemailtwitter

Friday, June 8, 2018

බ්‍රික්ස් රටවල විදේශ අමාත්‍ය හමුව දකුණු අප්‍රිකාවේදී

චීන විදේශ අමාත්‍යවරයා බ්‍රික්ස් රටවල විදේශ අමාත්‍යවරුන්ගේ නිල හමුවට එක් වේ. දකුණු අප්‍රිකා විදේශ අමාත්‍ය Lindiwe Sisulu මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම හමුව 4 වැනි දින දකුණු අප්‍රිකාවේදී පැවැත්විණ.

එමෙන්ම රුසියා හා ඉන්දියාවේ විදේශ අමාත්‍යවරු සහ බ්‍රසීල උප විදේශ අමාත්‍යවරයා ද එම හමුවට එක් වූහ. බ්‍රික්ස් රටවල් ලෝක ආර්ථික සංවර්ධනය ඉදිරියට මෙහෙයවා විවෘත ලෝක ආර්ථිකය පොදුවේ සංවර්ධනය කරමින් වෙළෙඳ ආරක්ෂණවාදයට හා ඒකපාර්ශ්විකවාදයට විරුද්ධ විය යුතු බව චීන විදේශ අමාත්‍ය වං යී මහතා එහිදී පැවසීය.

බ්‍රික්ස් රටවල්, සෙසු නව වෙළෙඳ පොළ හා සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ සක්‍රීය ලෙස හුවමාරු හා සහයෝගිතා පවත්වා සිය බලපෑම් ව්‍යාප්ත කිරීමට උත්සාහ දැරිය යුතු බව ද වං යී මහතා එහිදී සඳහන් කළේය. ගෙවී ගිය වසර 10 තුළ බ්‍රික්ස් රටවල සහයෝගිතාවන් විශාල ප්‍රතිඵල ලබා ගෙන ඇති බව එම හමුවට එක් වූවන් එහිදී පවසා ඇත.

බ්‍රික්ස් රටවල් සම්බන්ධීකරණ හා සහයෝගිතාවන් තවදුරටත් ශක්තිමත් කර උපාය මාර්ගික හවුල්කාරි සබඳතා ගැඹුරු ලෙස සංවර්ධනය කරමින් බහුපාර්ශ්විකවාදය පොදුවේ අනුගමනය කළ යුතු බව ඔවුන්ගේ අදහසයි. මෙවර විදේශ අමාත්‍යවරුන්ගේ හමුව පැවැත්වීමේ ප්‍රධාන අරමුණ, එළඹෙන ජූලි මාසයේ දකුණු අප්‍රිකාවේ Johannesburg හි පැවැත්වීමට නියමිත බ්‍රික්ස් රටවල නායක හමුවේ කටයුතු සුදානම් කිරීමයි.