Social Icons

facebookrss feedemailtwitter

Thursday, June 7, 2018

ලිතියම් බැටරියේ නව පරිච්ඡේදය

ලිතියම් බැටරිය නූතන මානව සමාජයේ ඉතා වැදගත් නිපැයුමක් ලෙස හඳුන්වා දිය හැකිය.

ලිතයම් බැටරියේ විද්්‍යුත් ධාරිතාව ඉහළ අගයකට ගෙන ඒමට බොහෝ රටවල් විද්‍යා හා තාක්ෂණය ඔස්සේ විවිධ උත්සහයන් වල නිරත වෙමින් සිටී. පරිසර උෂ්ණත්වය ලිතියම් බැටරිවල කල් පැවැත්මට බලපාන කරැණක්.


සෙල්සියස් අංශක ඍණ 20 ක උෂ්ණත්වයක් පවතින පරිසරයකදී සාමාන්‍යය ලිතියම් බැටරියක නම් සියයට 50ක විදුලි ධාරිතාව පමණක් ‍භාවිත කළ හැකියි. උෂ්ණත්වය ඍණ 40කට අඩු වුවහොත් එම ප්‍රතිශතය සියයට 12ක් දක්වා අඩු වේ. රුසියාව, කැනඩාව යන රටවල යම් කාලවලදී උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 50 ක් දක්වා පහත බසී. අභ්‍යවකාශයේ නම් උෂ්ණත්වය ඍණ 157 ක් දක්වා අඩු වේ.

මේ නිසා චීන විද්‍යාඥයින් පිරිසක් ලිතියම් බැටරිවල සංවර්ධනයට ඉතා වැදගත් සොයා ගැනීමක් එක් කළා. එනම් මෑතකදී පාරිසරික උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 70 ක අගයක පැවැතිය ද භාවිත කළ හැකි ලිතියම් බැටරියක් නිෂ්පාදනය කිරිමට චීන විද්‍යාඥයින් පිරිසකට හැකි වුණා. ඒ චීනයේ ෆූ ඩන් විශ්ව විද්‍යාලයේ මහචාර්ය ෂියා යොංයාඕ ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම විසින් සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් වශයෙනි.
මෙම නව ලිතියම් බැටරියේ නිෂ්පාදනයට යොදන අමුද්‍රව්‍ය සාමාන්‍ය ලිතියම් බැටරිවලට වඩා බොහෝ ලාබදායක වීම තවත් විශේෂත්වයක්. කෙසේ වුවත් මෙම නව ලිතියම් බැටරිය වෙළෙදපළට හඳුන්වා දීමට පෙර එහි නිෂ්පාදන ක්‍රියාදාමය තවදුරටත් ක්‍රමවත් කිරීමට අවශ්‍ය බවයි, මෙම විද්‍යාඥයින්ගේ අදහස වී ඇත්තේ.