Social Icons

facebookrss feedemailtwitter

Monday, June 4, 2018

උපාධිධාරීන්ට සැප්තැම්බර් මාසයට පෙර රැකියා

රැකියා විරහිත උපාධිධාරීන් 20,000ක් මෙම වසරේ සැප්තැම්බර් මාසයට පෙර රැකියා පුහුණුව සඳහා බඳවා ගැනීමටත් පුහුණු කාලය තුළ ඔවුන් සඳහා මාසිකව රුපියල් 20,000ක දීමනාවක් ලබාදීමටත් කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත. රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් වයස අවුරුදු 45ට අඩු ඉල්ලුම් කරන ලද සියලුම රැකියා විරහිත උපාධිධාරීන් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට තීරණය කර ඇත.

ඔවුන් අතරින් උපාධිධාරීන් 5000ක් මෙම ජූලි මාසයේදීද, 15,000ක් සැප්තැම්බර් මාසය තුළදීද පුහුණුව සඳහා මේ අනුව බඳවාගැනෙනු ඇත. ඉතිරි උපාධිධාරීන් 2019 වර්ෂයේදී අදියර වශයෙන් පුහුණු කිරීමට සැලසුම්කර තිබේ. මෙම රැකියා විරහිත උපාධිධාරීන් සඳහා පුහුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් පුහුණුව සම්පුර්ණ කරනු ලබන උපාධිධාරීන් අතුරින් සංවර්ධන නිලධාරී ව්‍යවස්ථාව යටතේ සුදුසුකම් සපුරන උපාධිධාරීන් සංවර්ධන නිලධාරී පුරප්පාඩු සඳහා බඳවා ගැනීමටත් නියමිතය.