Social Icons

facebookrss feedemailtwitter

Saturday, June 2, 2018

ලොව බහලු මෙහෙයුම් වරාය අතර දෙවන ඉහළම වර්ධනය කොළඹ වරායෙන්

ලෝකයේ බහලූ මෙහෙයුම් වරායයන් අතර දෙවන ඉහළම වර්ධන අනුපාතය කොළඹ වරාය හිමිකර‍ගනී.

මෙය සිංගප්පූරු වරායට පමණක් දෙවැනි වන විශේෂ වර්ධන වේගයක් බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරයි. කොළඹ වරාය පසුගිය වසරට සාපේක‍්ෂව 2018 පළමු කර්තුවේ බහලූ මෙහෙයුම් 16.2% ක වර්ධන වේගයක් පෙන්නුම් කර ඇත.

ලෝකයේ වරාය වර්ගීකරණයේ දී 23 වැනි ස්ථානය හිමිකර ගත් කොළඹ වරාය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් වරායේ ක්‍රියාත්මක ප්‍රධාන පර්යන්ත ත්‍රිත්ත්වය සමඟ සාමුහික ගිවිසුමකට අත්සන් කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රියා කළේය. ඒ අනුව මෙම නව ගිවිසුම යටතේ පර්යන්ත ත්‍රිත්වය සාමුහිකව බහලූ මෙහෙයුම් ක්‍රියාත්මක කරයි. එමගින් සියලූ බහලූ මෙහෙයුම් සේවාවන් කාර්යක්ෂම හා ඵලදායි ලෙස ලබා දීමට හැකිවෙතැයි අපේක‍ෂා කෙරේ.