Social Icons

facebookrss feedemailtwitter

Saturday, June 2, 2018

සාම සාධක කටයුතු වලදී ද චීනය ලෝකය හමුවේ ඉදිරියෙන් සිටී

එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු වෙනුවෙන් චීනය ප්රමුඛ දායකත්වයක් ලබා දේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක කටයුතු ආරම්භ කිරීමේ 70 වැනි සංවත්සරය 29 වැනි දිනට යෙදී තිබේ.

1990 වසරේ චීනය ප්රථම වරට එම කටයුතු වලට එක් විය. ගෙවී ගිය වසර 28 තුළ එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු 24ක් වෙනුවෙන් චීනය දායකත්වය ලබා දී ඇත.

ඒ සඳහා චීන සාම සාධක භටයින් 35 දහසකට වැඩි වාර ගණනක් යෙදවිණ. දැනට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර රටවල් 5 අතරින් චීනය යොදවා ඇති සාම සාධක භටයින් සංඛ්යාව පළමු ස්ථානයේ පසු වේ. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා වැය වන මුදලින් 10%කට වැඩි ප්රමාණයක් චීනය විසින් දරා තිබේ.