Social Icons

facebookrss feedemailtwitter

Thursday, June 7, 2018

අධි අවදානම් කලාපවල නිවාස 6000කට අයත් පවුල් නැවත පදිංචි කිරීම ඇරඹෙයි.

නායයාමේ අධි අවදානම් කලාපවල නිවාස 6000කට අයත් පවුල් නැවත පදිංචි කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

මහනුවර, බදුල්ල, මාතලේ, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල නායයාමේ අධි අවදානම් සහිත කලාප හඳුනාගෙන තිබේ. පසුගියදා පැවැති ආපදා තත්ත්වයට මුහුණ දුන් පවුල් 2000කට ආසන්න සංඛ්‍යාවකින් සියයට 95ක පමණ පිරිසක් නැවත පදිංචි කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේය. මේ අතර අද සිට ඉදිරි දින කිහිපය තුළ බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ වයඹ යන පළාත්වලට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.