Social Icons

facebookrss feedemailtwitter

Monday, June 4, 2018

ශ්‍රී ලංකාවේ ගැඹුරු මුහුදේ ගවේෂණයට දත්ත රුස් කෙරේ

ස්වභාවික වායු සහ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කෙරේ.

ලොව විශාලම තෙල් සමාගමක් වන ස්ලම්බර්ජර් සමාගමට අයත් ඊස්ටර්න් ඊකෝ D。M。C。C සහ ලංකා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ඒ සඳහා අත්සන් තැබීය. මෙය බහුසේවා ගිවිසුමකි. මෙම ගිවිසුමට එළැඹීමේ මුලික අරමුණ වන්නේ, නවීන දත්ත රැස්කිරීමේ සහ සැකසීමේ තාක්ෂණ ක්‍රමවේද භාවිතා කරමින් තවදුරටත් ඛනිජ තෙල් දත්ත එකතු කිරීමයි. ශ්‍රී ලංකාවේ ගැඹුරු මුහුදේ ගවේෂණ කටයුතු සිදුකිරීමට උනන්දුවක් දක්වන ආයෝජකයින් මුහුණ දෙන තාක්ෂණික සහ මූල්‍ය අවධානම අඩු කර ගැනීමට මෙමගින් අපේක්ෂා කෙරේ. දේශීය ඛනිජ තෙල් සහ ස්වභාවික වායු ගවේෂණ කටයුතු සඳහා ආයෝජකයින්ගේ සහභාගිත්වය ඉහළ නංවා ගැනීම ද ගිවිසුම මගින් සිදුවේ.