Social Icons

facebookrss feedemailtwitter

Monday, June 4, 2018

විදේශ සංචිත ඉහළට

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසයි. රජය සතු නිළ විදේශ සංචිත ප්‍රමාණය මාර්තු මාසය අවසානයේදී ඇමරිකානු ඩොලර් බිලියන 7.3 දක්වා ඉහළ ගොස් තිබේ.

මහ බැංකුව ප්‍රකාශ කර ඇත්තේ, එය මෙරට ආනයනයන් සඳහා මාස 4 ක කාලයකට ප්‍රමාණවත් බවයි. බැංකු ක්ෂේත්‍රයේ වත්කම් ඇතුළු මෙරට මුළු විදේශ සංචිතය මාර්තු මාසය අවසානයේදී ඇමරිකානු ඩොලර් බිලියන 9.6 ක් වූ අතර, එය මාස 5 ක ආනයනයන් සඳහා ප්‍රමාණවත් බව පැවසේ.