Social Icons

facebookrss feedemailtwitter

Saturday, June 2, 2018

නීති විරෝධීව ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 104කට එරෙහිව නීතිමය පියවර ගැනේ.

රැකියා සදහා ඊශ්‍රායලට පිටත්ව ගොස් මේ වන විට වීසා කාලය අවසන්වී නීති විරෝධීව එරට රැදී සිටින ශ්‍රමිකයින් එකසිය හතර දෙනෙක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇතැයි විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

ඒ අනුව දැනටමත් නඩු ගොනු හැටක් අධිකරණයේ විවෘත කර තිබෙන අතර තවත් නඩු ගොනු තිහක් සදහා අවශ්‍ය නීතිමය පියවර මේ වන විට ගෙන තිබෙන බවද නියෝජ්‍ය ඇමැතිවරයා සදහන් කළේය. අධිකරණමය ක්‍රියාදාමයේ පළමු පියවරක් ලෙස තවදුරටත් නීති විරෝධී ලෙස ඊශ්‍රායලයේ රැදී සිටින ශ්‍රමිකයින් නම දෙනෙක්ට විරුද්ධව එන්තරවාසි යවා තිබේ. අධිකරණමය පියවර ගැනීම ආරම්භ කිරීමත් සමග නීති විරෝධී ලෙස එරට රැදී සිටි ශ්‍රමිකයින් පස් දෙනෙක් ලංකාවට පැමිණ ඇත. අධිකරණමය පියවර ගෙන ඇති නඩු ගොනුවලින් නඩු ගොනු විසි දෙකක් මේ වන විටත් කැදවා තිබේ. මැයි මස අග සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළදී මේ සම්බන්ධයෙන් වන නඩු ගොනු කැදවනු ඇති.