Social Icons

facebookrss feedemailtwitter

Monday, June 4, 2018

ඇමරිකානු හමුදා සිරියාවෙන් ඉවත් විය යුතුයි

ඇමරිකානු හමුදාව සිරියාවේ al - Tanf ප්‍රදේශයෙන් ඉවත් විය යුතු බව සිරියානු විදේශ අමාත්‍ය Walid Muallem මහතා ප්‍රකාශ කරයි.

ඇමරිකානු හමුදාව සිරියාවේ රැඳී සිටීම නීති - විරෝධී බවත් එරට al - Tanf ඇතුළු සිරියානු භූමියෙන් ඇමරිකානු හමුදාව ඉවත් විය යුතු බවත් සිරියානු විදේශ අමාත්‍යවරයා 2 වැනි දින ප්‍රකාශ කර තිබේ. ඉරාන හමුදා උපදේශකයින් සිරියාවේ රැඳී සිට ඇත්තේ එරට රජයේ ඉල්ලීමකට අනුවය. ඔවුන් තම රටේ ත්‍රස්ත - විරෝධී මෙහෙයුම් සඳහා උපකාර කරන බවත්, ඕනෑම ත්‍රස්ත මර්දන පාර්ශ්වයක් සමග සහයෝගීතා පැවැත්වීමට සිරියාව කැමති බවත් Walid Muallem මහතා පවසයි.