Social Icons

facebookrss feedemailtwitter

Tuesday, June 5, 2018

දකුණු සහ බටහිර ආසියා රටවල් 14ක් එක්ව නව පාපන්දු සම්මේලනයක් පිහිටුවයි

ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියා හා බටහිර ආසියා පාපන්දු ක්‍රීඩා කරන රටවල් 14ක් රැස්වී “දකුණු - බටහිර ආසියා පාපන්දු සම්මේලනය” නමින් (SWAFF) නව කලාපීය පාපන්දු සම්මේලනයක් පිහිටුවා ගනියි.

මේ නව ආයතනය නිල වශයෙන් ස්ථාපිත කිරීමේ පළමු රැස්වීම සෞදි අරාබියේ ජේඩාහි දී පැවැති අතර එයට ශ්‍රී ලංකාව, පාකිස්තානය, ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, සවුදි අරාබිය, භූතානය, ඇෆ්ගනිස්තානය, බහරේන්, මාලදිවයින, යේමනය, ඕමාන්, කුවේටය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් ඇතුළත් වේ. දකුණු - බටහිර ආසියා පාපන්දු සම්මේලනය (SWAFF) ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ නව සාමාජික සංවිධානයක් වන අතර එය FIFA හා ආසියානු පාපන්දු සම්මේලනය සමග එක්ව කටයුතු කෙරේ.

දකුණු හා බටහිර පාපන්දු සම්මේලනවල ප්‍රධානීන්ගේ මේ එකමුතුව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ නිලධාරියකුගේ නිරීක්ෂණයට ලකුවූ අතර, එහි වාර්තාවක් දැනටමත් ලෝක සම්මේලනයට යොමු කොට අනුමැතිය ලබා ඇත.
මේ නව සංවිධානය මගින් කලාපයේ සිටින සියලු වයස්වල පාපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගුණාත්මකභාව වැඩිදියුණු කිරීම මූලික සැලසුම වේ. තවත් දින කිහිපයකින් ආරම්භවන ලෝක කුසලාන තරගාවලියට ආසියානු පාපන්දු සම්මේලනයේ සාමාජික රටවල් 47කින් සෞදි අරාබිය, ඉරානය, දකුණු කොරියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව යන රටවල් පමණක් සුදුසුකම් ලබා ඇත.