Social Icons

facebookrss feedemailtwitter

Thursday, June 7, 2018

ෆේස්බුක් පරිශීලක තොරතුරු සමාගම් 60කට

2004 වසරේදී මාක් සකර්බර්ග් විසින් ආරම්භ කළ ලොව වැඩිම පරිශීලක සංඛ්‍යාවක් සිටින සමාජ මාධ්‍යය වන ෆේස්බුක් හි පරිශීලකයන්ගේ තොරතුරු සමාගම් 60කට පමණ ලබාදී ඇති බව හෙළි වී තිබේ.

විශේෂයෙන් පසුගිය දශකය තුළ ඇපල්, ඇමසෝන්, බ්ලැක්බෙරි, මයික්‍රොසොෆ්ට්, සැම්සුන් ඇතුළු සමාගම් 60කට වැඩි සංඛ්‍යාවකට ෆේස්බුක් භාවිත කරන්නන්ගේ සහ ඔවුන්ගේ මිතුරන්ගේ තොරතුරු ලබා ගැනීමට ඉඩ සලසා ඇති බවයි වාර්තාවේ. නිව්යෝක් ටයිම්ස් පුවත්පත සඳහන් කළේ එලෙස ෆේස්බුක් පරිශීලකයන් මිලියන 87ක තොරතුරු මෙලෙස එම සමාගම් වෙත ලැබී ඇති බවයි. බ්‍රිතාන්‍ය දේශපාලන උපදේශන සමාගමක් වන කේම්බ්‍රිජ් ඇනලිටිකා වෙත මෙලෙස ලද තොරතුරු පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය සඳහා බලපෑමක් ඇති කළ බවට ඉමහත් ආන්දෝලනයක් ඇති විය.