Social Icons

facebookrss feedemailtwitter

Saturday, June 2, 2018

ගාසා තීරයේ දරුණු ගැටුම්

ගසා තීරයේ සන්නද්ධ ඉලක්ක 35 කට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කර තිබේ. හමාස් සංවිධානය සහ ඔවුන්ගේ මිත්‍ර පාර්ශව එල්ල කරන ලද රොකට් සහ මෝටර් ප්‍රහාර වලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය මෙලෙස ප්‍රහාර එල්ල කර ඇති බව පැවසේ.

දෙපාර්ශවය අතර ඇති වූ මෙම ගැටුම 2014 වසරේ ඇති වූ යුද්ධයෙන් පසු ඇති වූ දරුණුම ගැටුම ලෙසින් ද හැඳින්වේ. ගාසා තීරයෙන් එල්ල වූ ප්‍රහාර වලින් ඊශ්‍රායල සොල්දාදුවන් තිදෙනකු තුවාල ලබා ඇති අතර, ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර වලින් සිදු වූ හානිය සම්බන්ධයෙන් වාර්තා නොවේ.