Social Icons

facebookrss feedemailtwitter

Saturday, June 2, 2018

යුද විරාමයකට සූදානම් - ඉන්දු පකිස්ථාන හමුදා නිළධාරීන්

“Kashmir යුද විරාමය ගිවිසුම” ක්‍රියාවට නැංවීමට ඉන්දියාව සහ පාකිස්ථානය එකඟ වේ.

ඉන්දියාව සහ පාකිස්ථානයේ උසස් පෙළේ හමුදා නිළධාරීන් පසුගියදා දුරකතනය ඔස්සේ සෘජු සාකච්ඡා පැවැත්විය. Kashmir යේ පවතින ගැටුම්කාරී තත්ත්වය පාලනය කිරීමට දෙපාර්ශවය 2003 වසරේ එක්ව අත්සන් කළ සටන් විරාම ගිවිසුම පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වනු ඇති බව ඉන්දීය හමුදා පෙන්වා දේ.

කාෂ්මීරය සම්බන්ධයෙන් ගැටළුවක් ඇති වන ඕනෑම අවස්ථාවක දුරකතන ඔස්සේ සෘජු ලෙස සාකච්ඡා පැවැත්වීමත්, දෙපාර්ශවය අතර සංවර ආකල්පයක් ඇති කර ගැනීමත්, ආරක්ෂක සමුළු පැවැත්වීම මඟින් ද මෙම අර්බුද විසදිය හැකි බව, ඉන්දීය හමුදාව සදහන් කරයි. මේ පිළිබඳ පකිස්ථාන මාධ්යය ද අදහස් ඉදිරිපත් කර ඇත. පකිස්ථානයත් ඉන්දියාවත් එක්ව ක්‍රියාත්මක කරනු ලබන ද්වීපාර්ෂවීය මෙහෙයුම් මඟින් මෙම කලාපයේ සාමය එක්ව ආරක්ෂ කර ගත හැකි බව රටවල් දෙකෙහිම අදහස වී තිබේ.