Social Icons

facebookrss feedemailtwitter

Friday, August 17, 2018

කාබුල් අගනුවරට එල්ල වූ ප්‍රහාරයකින් 48ක් මරුට

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ආසන්නයේ පිහිටි අධ්‍යාපන මධ්‍යස්ථානයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් 48 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ජීවිතක්ෂයට පත්වූ බොහෝ දෙනා ශිෂ්‍යයන් යැයි ද වාර්තා වේ. ප්‍රහාරය එල්ල වී ඇත්තේ ෂියා මුස්ලිම් වැසියන් බහුතරයක් වෙසෙන ප්‍රදේශයකට බව ඇෆ්ගන් වාර්තා සඳහන් කරයි. එයින් සියයකට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. ජීවිතක්ෂයට පත්වූවන්ගෙන් වැඩි පිරිසක් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අධ්‍යාපනය ලබමින් සිටි සිසුන් පිරිසක් බව වාර්තා වේ.