Social Icons

facebookrss feedemailtwitter

Monday, August 20, 2018

ලෝක වෙළඳපලේ තෙල් මිල අඩුවන ලකුණු

ඇමරිකාව සහ චීනය අතර පවතින වෙළඳ ආරවුල නිසා ගෝලීය ආර්ථිකය මන්දගාමී වීමේ අවදානමක් පවතී.

මේ නිසා ලෝක වෙළඳපලේ තෙල් මිල පහත වැටීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. ඒ අනුව ගතවූ සතිය තුළ තෙල් මිලෙහි අඩුවීමක් වාර්තාවූ අතර, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට සටහන් වන්නේ ඩොලර් 71 යි ශත 83 ක් ලෙසයි. ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ඩොලර් 65 යි ශත 21 ක් ලෙස සටහන් විය.