Social Icons

facebookrss feedemailtwitter

Friday, August 24, 2018

සීමා නිර්ණ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද

පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව පිළිබඳ විවාදය අද (24) පැවැත්වේ. පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරනු ඇති.

එක්සත් ජාතික පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අදාළ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව දැනටමත් ප්‍රකාශ කර තිබේ. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ප්‍රකාශ කළේ සීමා නිර්ණ කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන බවයි. මේ අතර සීමා නිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීම වැලැක්වීමට කටයුතු කිරීම අනුමත කළ නොහැකි බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.