Social Icons

facebookrss feedemailtwitter

Wednesday, August 22, 2018

දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ විදුලි සීනු පද්ධති දුම්රිය සේවාව සඳහා විවෘත කෙරේ

ශ්‍රී ලංකාව පුරා පිහිටා තිබෙන දුම්රිය හරස් මාර්ග වලින් සිදුවන අනතුරු සංඛ්‍යාව පසුගිය වසර කිහිපය පුරා වැඩිවෙමින් පැවතිණ.

ඉන් විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි වූ අතර වාහන ඇතුළු දේපළ විනාශවීම් ද සිදුවිය. එම ලබාගත් දත්ත හා තොරතුරු අනුව 2016 වසරේදී ආරක්ෂණ විදුලි සීනු පද්ධති 200 ක අවශ්‍යතාවයක් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් හඳුනාගත් අතර එම විදුලී සීනු පද්ධති සවිකිරීමේ ව්‍යාපෘතිය 2016 වසරේ ආරම්භ කරන ලදී.

මේ ව්‍යාපෘතිය සඳහා වැයවන මුලු වටිනාකම ඇ.ඩො.මි. 6.4 ක් වන අතර, තනි දුම්රිය මාර්ග සඳහා විදුලි සීනු පද්ධති 175 ක් හා ද්විත්ව මාර්ග සඳහා විදුලි සීනු පද්ධති 25ක් ස්ථාපනය කිරීම ආරම්භ කරන ලදී.