Social Icons

facebookrss feedemailtwitter

Tuesday, August 21, 2018

ජර්මන් චාන්සලර්වරිය සහ රුසියා ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක්

සිරියාව, යුක්‍රේනය, ඉරානය ඇතුළු තීරණාත්මක ගැටළු පිළිබඳ ජර්මන් චාන්සලර්වරිය සහ රුසියා ජනාධිපතිවරයා අතර සාකච්ඡා පැවැත්වේ.

ගෑස් නල ව්‍යාපෘතියක් ද ඔවුන්ගේ සාකච්ඡාවට ලක්විය. මෙවර සාකච්ඡාවට පෙර නායක දෙපළ මාධ්‍යවේදීන් හමුවූහ. එහිදී අදහස් දැක්වූ ජර්මන් චාන්සල්වරිය මෙවැනි තීරණාත්මක ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් පමණක් විසඳිය හැකිය යන්න තම අදහස යැයි සඳහන් කළාය.

රුසියාවේ සිට ජර්මනියට ගෑස් ප්‍රවාහනය කිරීමේ ව්‍යපෘතියේදී යුක්‍රේනය තම කාර්යභාරය අඛණ්ඩව සිදු කළ යුතු බව ජර්මන් චාන්සලර්වරිය කියා සිටී. ඒ සඳහා යුරෝපා සංගමය, යුක්‍රේනය හා රුසියාව සාකච්ඡා ආරම්භ කිරීම පිළිගන්නා බවද ඇය සඳහන් කරයි. ඇමරිකාව මෙම ව්‍යාපෘතියට විරුද්ධ වීමෙන් ජර්මනියට බලශක්තිය සඳහා රුසියාව මත යැපීම ඉහළ නංවන බව රුසියා ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.