Social Icons

facebookrss feedemailtwitter

Thursday, August 23, 2018

උතුරු කොරියාව න්‍යෂ්ටික ක්‍රියාකාරකම් නවතා නෑ

උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් නවතා නැතැයි එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණ සංවිධානයක් උපුටා දක්වමින් ඒ.බී.සී. නිව්ස් පුවත් සේවය වාර්තා කරයි.

පසුගිය වසරක කාලයේදී උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් නවතා නැතැයි ද ඔවුන් අඛණ්ඩව න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් සහ න්‍යෂ්ටික අවි සංවර්ධනය සිදු කර ඇතැයි ද න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් ක්‍රියා කරන එක්සත් ජාතීන්ගේ ආයතනය නිකුත් කරන ලද නවතම වාර්තාවක දැක්වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය ප්‍රසිද්ධියට පත් කරන ලද නව වාර්තාවකින් එම කරුණු අනාවරණයවී තිබේ.