Social Icons

facebookrss feedemailtwitter

Sunday, August 12, 2018

ජාතික හැඳුනුම්පතට රුපියල් 100ක ගාස්තුවක්

හැදුණුම්පත ලබා ගැනීමේදී රුපියල් 100ක මුදලක් අය කිරීමට රජය තීරණය කර තිබේ.

1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත යටතේ, අභන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්. බී. නාවින්න මහතාගේ අත්සනින් යුතුව ජාතික හැඳුණුම්පත් ලබා ගැනීමේ ගාස්තු සම්බන්ධයෙන් නවතම ගැසට් නිවේදනයක් 09 වැනි දින ප්‍රකාශයට පත් කර ඇත.

ලබන මස පළමු වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ලියාපදිංචි කිරීම හා පළමු වරට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන අයදුම් පත්‍රයකට අදාළව රුපියල් 100 ක ගාස්තුවක් ගෙවිය යුතු බව එහි සඳහන් වෙයි. තවද මෙම ගැසට් නිවේදනයට අනුව ලබන මස පළමු වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ජාතික හැඳුනුම්පතක අනු පිටපතක් නිකුත් කිරීම සඳහා ගාස්තුව රුපියල් 500 ක් විය යුතු බව ද නියම කර තිබේ.