කොළඹ නගර කලාපය ආවරණය වන පරිදි අභ්‍යන්තර ජල මාර්ග ආශ්‍රිතව මගී ප්‍රවාහන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවේ.
මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් මීට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ. බත්තරමුල්ල සිට වැල්ලවත්ත දක්වා ඇති ඇළ මාර්ග හරහාත්, බේරේ වැව හරහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වාත්, කැලණි ගඟ හරහා සහ අනෙකුත් ජල මාර්ග ඔස්සේ මට්ටක්කුලියේ සිට හංවැල්ල දක්වාත් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් වශයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ආරම්භයක් වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහය ඇතිව බේරේ වැව හරහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා වසර දෙකක කාලයක් නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම සේවාව ආරම්භ කරේ. ඒ සඳහා අවශ්‍ය යාත්‍රා මිලදී ගැනීමට සහ ජැටි ඉදිකිරීමටද කැබිනට් අනුමැතිය හිමිව තිබේ.