Social Icons

facebookrss feedemailtwitter

Wednesday, August 22, 2018

ත්‍රස්ත මිසයිල ප්‍රහාරයකින් මොහොමඩ් අෂ්රෆ් ඝානි දිවි ගලවා ගනී

ඇෆ්ඝනිස්ථාන ජනපති මන්දිරය ඉලක්ක කර එල්ල කෙරුණු ත්‍රස්ත මිසයිල ප්‍රහාරයකින් එරට ජනාධිපති මොහොමඩ් අෂ්රෆ් ඝානි දිවි ගලවා ගනී.

මිසයිල ප්‍රහාර එල්ල වී ඇත්තේ ඇෆ්ඝන් ජනපතිවරයා එම මන්දිරය තුළ සිට හජ් සුබ පැතුම් කතාව සිදු කරමින් සිටියදීයි. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශවයක් භාරගෙන නොමැත. ත්‍රස්තවාදීන් මෙලෙස ජනපති මන්දිරය දෙසට ප්‍රහාර එල්ල කර ඇත්තේ කාබුල් ආසන්නයේ පිහිටි එද්ගා දේවස්ථාන ප්‍රදේශයේ සිටයි. රොකට් ප්‍රහාර දොළහක් එල්ල කර ඇති අතර ඉන් දෙකක් ජනපති මන්දිරය ආසන්නයේම පුපුරා ගිය බව වාර්තා වෙයි.