ගං වතුරෙන් එල්ල වූ බලපෑම හේතුවෙන් ඉන්දියාවේ කොචින් ජාත්‍යන්තර ගුවන් තොටුපලට ඉන්දීය රුපියල් කෝටි 220 ක් පමණ පාඩුවක් සිදුව ඇති බව ගුවන් තොටුපල බලධාරීන් සඳහන් කර තිබේ.
ගං වතුර තත්ත්වය හේතුවෙන් කොචිං ගුවන් තොටුපල පසුගිය 18 වනදා සිට ලබන 26 වනදා දක්වා වසා තැබීමට බලධාරීන් පියවර ගෙන ඇත. ගං වතුරෙන් ගුවන් තොටුපලේ ධාවන පථයට, දේශීය හා ජාත්‍යන්තර පර්යන්තවලට මෙන්ම තීරුබදු රහිත වෙළඳසැල්වලට ද හානි සිදුව ඇති බව සඳහන්ය.