Social Icons

facebookrss feedemailtwitter

Tuesday, September 18, 2018

ජනපති ඝාතන කුමන්ත්‍රණයේ හෙළි කළ නාමල්ගේ ජංගම දුරකතනය CIDයට

ජනාධිපතිතුමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳ දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා කළ හෙළිදරව්වේ සංස්කරණය නොකළ දර්ශන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන ලෙස විද්‍යුත් මාධ්‍ය ආයතන 4කට අධිකරණය නියෝග කර තිබේ.

ඒ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි. දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණ. ඒ, ඔහු හෙළි කළ කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා. ජංගම දුරකතනය ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇත. පසුගිය 12 වැනි දින මහනුවර දී මාධ්‍ය හමුවක් පවත්වමින් නාමල් කුමාර මහතා ප්‍රකාශ කළේ, ජනාධිපතිතුමා ඝාතනය කිරීමට ත්‍රස්ත විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා කුමන්ත්‍රණය කළ බවයි. ඒ අනුව සිදු කළ විශේෂ විමර්ශනය අනුව චෝදනා එල්ලවූ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයේ තාක්‍ෂණ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කළා.