Social Icons

facebookrss feedemailtwitter

Friday, September 14, 2018

මිචෙල් බැචලට්ගෙන් පැසසුම්

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය ස්ථාපනය ගැන මානව හිමිකම් මහකොමසාරිස්වරියගෙන් ඇගයීමක්.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය වන මිචෙල් බැචලට්ගේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 සැසිවාරය අමතා කළ අදහස් දැක්වීමේදී මේ බව ප්‍රකාශ කළාය. වගවීම සහතික කිරීම සහ සත්‍යය සෙවීම සඳහා වන වැඩපිළිවෙළෙහි ප්‍රගතියක් ඇති කර ගැනීම දීර්ඝ කාලීන වශයෙන් රට තුළ ස්ථාවරභාවය සහ ප්‍රගතිය ඇති කර ගැනීම සඳහා වැදගත් වනු ඇති බව මිචෙල් බැචලට් මහත්මිය ප්‍රකාශ කළාය.