සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ දරුණු සටන් ඇවිලෙද්දී, රුසියාව සහ තුර්කිය තීරණය කර ඇත්තේ ගැටුම් වලට මැදිවන් සිවිල් වැසියන් වෙනුවෙන් යුද මුක්ත කලාපයක් නිර්මාණය කළ යුතු බවයි.
ඒ අනුව ලබන ඔක්තෝබර් 15 වැනිදා සිට, කිලෝ මීටර් 20 ක් පුරා පැතිරුණු ප්‍රදේශයක් මෙම යුද මුක්ත කලාපය සඳහා තෝරා ගැනීමට නියමිතයි. මේ බව තීරණය කෙරුණේ තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්දොවාන් සහ රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය.
මේ අතර, සිරියානු ගුවන්යානා මිසයිල ප්‍රහාරයක් වැදීමෙන් රුසියානු යුධ ගුවන් යානයක් විනාශවී තිබේ. අනතුරින් ගුවන්යානයේ ගමන්ගත් 15දෙනකු මියගොස් ඇතැයි රුසියානු බලධාරිහු පවසති. මෙය අත්වැරදීමකින් සිදුවූවක් බව පැවසේ. වයඹ දිග ලැටකියා පළාතේ සිරියානු ඉලක්ක වෙත ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල විමෙන් අනතුරුව මෙය සිදුවි ඇති බවද සිරියාව පවසයි. කෙසේ වුවද රුසියාව මෙම වගකිම් විරහිත ක්‍රියාව සම්බන්ධව සිරියාවට දොස් පවරා ඇති බව ද සඳහන් වේ.